lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බිනර පුන් පොහොය දිනය අදයි

58 43

ලෝකවාසී බෞද්ධයන්ට ඉතා සුවිශේෂී දිනයක් වන බිනර පුන් පොහොය දිනය අදට (29) යෙදී තිබෙනවා.

මෙහෙණි සසුනේ ආරම්භය අද වැනි බිනර පොහොය දිනක සිදුවීම එහි විශේෂත්වයයි.

මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වුණා.

පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් ඒ සඳහා අවසරය ලබාගැනීමට හැකි වූ අතර මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනාට බිනර පොහොය දිනයේදී මෙහෙණි සසුනට ඇතුළු වීමට හැකි වුණා.

උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම වූ අතර අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනයේදී වීමත් ඉතා සුවිශේෂියි.

එමෙන්ම තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් උතුම් බිනර පුන් පොහෝ දිනයේ සිදු වුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media