lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මදුනාගල උණුදිය උල්පත්හි සේවකයන්ට ස්ථිර පත්විම් ලිපි 

01 1 4

(සූරියවැව නුවන් ජයසේකර)

දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශය යටතේ පාලනය වන සූරියවැව මදුනාගල උණුදිය උල්පත්හි සේවයේ නිරත අනියම් සේවකයන් සදහා ස්ථිර පත්විම් ලිපි ලබා දීම දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මදුණාගල උණුදිය උල්පත්හිදී පැවැත්විණි.

වසර 10කට අධික කාලයක් තිස්සේ මෙම සේවකයන් ක්ශේෂ්ත්‍ර කම්කරුවන් ලෙස මදුනාගල උණුදිය උල්පත්හි සේවය කර ඇති අතර අවස්ථා ගනනාවකදීම තමන් ස්ථිර කර දෙන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණද ඊට ප්‍රථිචාර නොලැබිම නිසා එහි සේවකයන් 2022.12.23 වන දින උණුදිය උල්පත්හි සේවයෙන් ඉවත්ව මාර්ගය හරස් කර විරෝධතාවයක්ද පැවැත්විණි.එහිදී එම ස්ථානයට පැමිණි රැහුණු සංචාරක කාර්යංශයේ නිළධාරීන් විසින් ලබා දුන් පොරොන්දුවකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ හා හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එහි සේවයේ නිරත සේවකයන් 13 දෙනා වෙත ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය කිරිම සිදුකෙරුණි.

 

මේ අවස්ථාව සදහා රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස්, රුහුණු සංචාරක කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩී.ඒ.හේමන් ධර්මප්‍රිය,ප්‍රධාන සහකාර කළමණාකාර ටී.එච්.චාමර චමින්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

DSC 2923 DSC 2944 01 4 2 01 3 3 01 5 1 01 2 3

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media