lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මනම්පිටිය අනතුරේ රියදුරු අත්අඩංගුවට

Screenshot 2023 07 10 075159

මනම්පිටිය ප්‍රදේශයේ දී කොටලීය ඔයට පෙරළීයාමෙන් අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අදාළ බස් රථයේ ගමනාන්තය කාත්තන්කුඩි ලෙස සඳහන් කර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයක් තිබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව වාලච්චේන ආසන්න ප්‍රදේශයකට පමණයි අදාළ බස් රථයට බලපත්‍රය තිබී ඇත්තේ.

සිද්ධියෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 41ක්.

අනතුර සිදුවූ ස්ථානය ජනශූන්‍ය කලාපයක් වන අතර පසු පසින් පැමිණි බස් රථයක සිටි මගීන් සහ වෙනත් වාහනවලින් එම මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් විසිනුයි අනතුරට ලක්වූවන් මුදා ගැනීමට කටයුතු කර ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media