lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ – ලංගම බස් ධාවනයට පියවර

langama 768x388 1

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන ජනවාරි 07 සිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස මාස 05කට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා

උතුරු දුම්රිය මාර්ගය වසා දැමීම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ලංගම බස්රථ ධාවනයේ යෙදවීමට බලාපොරාත්තු වන බව බවයි අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ

ඒ අනුව, කොළඹ සිට අනුරාධපුරය දක්වා වන ගමන් වාර අවලංගු වන බවත්, කොළඹ සිට මහව දක්වා ගමන් කරන දුම්රියෙන් මහව දක්වා ගමන් කර අතර ඉන් ඔබ්බට යාපනය දක්වා ගමන් කිරීමට ලංගම බස්රථ 20 ක් පමණ ධාවනයට එක් කෙරෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ

මෙම වසරේ මුල් භාගයේ දී අනුරාධපුර ඕමන්තේ ඇරඹි නවීකරණ ව්‍යාපෘතියේ දෙවන අදියරක් ලෙසයි මෙය සිදු කෙරෙන්නේ.

පාසල් නිවාඩු කාලය බැවින් ජනවාරි 01 සිට ජනවාරි 06 දක්වා දරුවන් වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද පියවර ගන්නා බව සඳහන්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media