lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත්කළ බව කියන සිව් දෙනෙකුට අධිචෝදනා භාර දෙයි

mahinda rajapaksa

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා කරමින් හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේදී භාරදී  තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ 2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලසීමාව තුළ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම් වු බවටයි නීතිපතිවරයා විසින් පොලිස් අධිකාරිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත්තේ.
 
මීට පෙර අවස්ථාවක අධිකරනය නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දුන් විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳ වීමට පොලිසියට නියම කළා.
 
2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලයෙ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව විත්තිකරුවන්ට එරෙහිව  නගා ඇති චෝදනායි 
 
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින්නේ යැයි පැවසුවා.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධිත ප්‍රතිපාදනවලට අනුව තම සේවාදායකයින්ට ඇප නියම කිරීමට මහාධිකරණයට බලය ඇතැයිද වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදා හරින්නැයි විත්තියේbනීතිඥවරු ඉල්ලා සිටියා.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමට තරයේ විරුද්ධත්වය පල කළා. 
 
දෙපාර්ශවයේ  කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 17 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා එදින මෙම නඩුව යළි කැඳවීමට නියම කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media