lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහ කන්නයේ බඩඉරිඟු වගා කිරීමට ගොවීන්ට නොමිලේ පොහොර

How to Plant and Grow Sweet Corn at Home

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබෙනවා. .

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000ක් වනවා.

බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම ඊයේ(10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දී ආරම්භ වූ අතර එම පොහොර බෙදා හැරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඬ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළා.

මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී වන්නේ.

බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩිම අක්කර ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන අතර එම ප්‍රමාණය අක්කර 20,000ක් වනවා.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අක්කර ප්‍රමාණය 5000ක් බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media