lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මහ දවාලේ ගල්ගමුව නගරයේ රං මංකොල්ලය වරදී....

WhatsApp Image 2023 07 08 at 19.40.22

ගල්ගමුව නගර මධ්‍යයේ පිහිටි රන් ආභරණ අලෙවි සැලට දහවල් 12 ට පමණ ඇතුලුවූ වයස අවුරුදු 20 ක පමණ තරුණයෙකු එහි සිටි අයවලුන්ට පිස්තෝලයක් සහ පිහියක් පෙන්වා රන් ආභරණ මංකොල්ල කෑමට ගත් උත්සාහයක් වැළකීගොස්රා තිබෙනවා.

ඒ එහි සිටි කාන්තාව විසින් කෑ ගැසීම හේතුවෙන්.

එම අවස්ථාවේ ඇයගේ ගෙල බැදි රන් මාලය කඩා ගැනීමට තැත්කලත් එයද ව්‍යර්ථ  වීමෙන් මංකොල්ලකරු පිටුපස දොරින් පැන ගොස් ඇති බව සදහන්.

ජැකට් එකකින් සැරසී සිටි මංකොල්ලකරු ගේ උරහිසේ බෑගයක් ද තිබූ බවත් ඔහු පිටුපස නිවෙස් අතරින් කෝවිල පැත්තට දිවගිය බව අසල්වාසීන් ප්‍රකාශ කළා.

දිවගිය මංකොල්ලකරු හැදසිටි ජැකට් එක සහ රැගෙන ආ  බෑගය කෝවිල අසල දමාගොස් තිබිය දී ගල්ගමුව පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඒ තුල තිබූ බස් ටිකට් විමර්ශනය කරමින් මෙම මංකොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්ගමුව පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

(ඇහැටුවැව එච්.ජේ. ජයසිරි) 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media