lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මැයි රැළිවලට කොළඹට මහ සෙනඟක්

download

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අද (1) මැයි දින රැළි සහ පෙළපාලි සංවිධාන කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ, “ආර්ථිකයේ ආරක්ෂාව, තාක්ෂණය යන අංශ මූලික කරගනිමින් 2048 ජයගමු යන්න තේමා කරගනිමින්.

මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය කර 2024 වන විට රටෙහි ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අපේක්ෂාව බවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය, එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන් ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහභාගීත්වය ද දක්නට ලැබුණා.

වැඩකරන ජනතාවගේ අරගලය යන තේමාව යටතේ සමගි ජනබලවේගයේ මැයිදින රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර ඔවුන්ගේ පෙළපාලිය ආරම්භ වූයේ මාළිගාවත්ත – පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සවිමත් වෙමු – එක්වෙමු යන තේමාව යටතේ මහනුවර පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිට පැවැත් වුණා.

එහි දී අදහස් දැක් වූ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නිදහස් පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයක නායකත්වය යටතේ ඉදිරියේ දී සන්ධානගත නොවන බවයි.

මෙවර නිදහස් පක්ෂ රැලියට ආණ්ඩුවට සහය පළ කළ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 9දෙනාට ආරාධනා නොලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ චාමර සම්පත් දසනායක පවසා සිටියේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලියේ වේදිකාවේ අසුන්ගෙන සිටීම දක්නට ලැබුණා.

රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු – ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සිය මැයිදින පෙළපාලිය පවත්වනු ලැබුවා.

එය කොළඹ බී.ආර්.සී. පිටියෙන් පස්වරු දෙකට ආරම්භ වූයේ කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලට ලගාවීමෙන් අනතුරුවයි.

උත්තර ලංකා සභාගය රට විකුණන පරගැති පාලනයට එරෙහි යන මැයෙන් සිය මැයි දින රැළිය පවත්වනු ලැබුවේ කොළඹ හයිඩ් පිටියේදියි.

නිදහස ජනතා සභාව සංවිධාන කළ මැයි දින රැළිය අද පස්වරුවේ පැවැත්වුණේ මහනුවර සහස් උද්‍යායනයේදී වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුලු පිරිසක් එක් වූ බවයි වාර්තා වෙන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media