lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

AP22242746430959

මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත වෙයි

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහුගේ 91 වන වුයෙහි පසු වූ ඔහු පසුගිය කාලය පුරා රෝගාබාධ රැසකින් පීඩා විඳි බවත්, ඔහු මියගියේ රෝහල්ගතව සිටියදී බවත් රුසියානු මාධ්‍ය වාර්තා කරනවා .
 
සෝවියට් නායක මිකායිල් ගොර්බචොව්ගේ අභාවය සැලවුණු සැණින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
 
මිකායිල් ගොර්බචොව් බලයට පැමිණියේ 1985 වසරේදීයි.
 
 සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළ නායකයකු ලෙස ද ගොර්බචොව් සැලකෙනවා.
 
එසේ වුවත්, 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන්වීම වළක්වා ගැනීමට ගොර්බචොව් සමත් වූයේ නැහැ.
 
බොහෝ රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට වෙන් වූයේ, ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවයි.
 
සෝවියට් සමූහාණ්ඩව බිඳ වැටීමට වසරකට පෙර 1990 දී මිකායිල් ගොර්බචොව්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media