lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මිනුවන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF වෙඩි පහරින් මරුට

Crime scene

ඇඹිලිපිටිය, වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) අලුයම සිදුකළ මෙහෙයුමක් අතරතුර දී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි අයෙකු බව සඳහන්.

සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media