lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මියන්කුමාර නිදහස් කරන්නැයි ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ‍

895642 1549157055 wide

බුරුම රජය විසින් බෙල්ලන්විල රජ මහා විහාරයට පරිත්‍යාග කරන ලද “මියන්කුමාර” ඇත් පැටවා වහා නිදහස් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

2013 වසරේ බුරුම රජය විසින් පරිත්‍යාග කරන ලද අදාළ ඇත්පැටවා විවිධ වධ හිංසාවට භාජනය වන බැවින් ඔහු වහා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සම තුළින් නඩු නිමිත්තක් තහවුරු කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media