lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මිරිහානේ බස් රථයට ගිනි තැබූ සැකකරුගෙන් පාපොච්චාරණයක්

1693663031 mirihana L

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පොලිස්පති නියමයෙන් පැවරුණි.

ඒ අනුව අදාළ බස් රථය ගිනි තැබූ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මාධ්‍ය හරහා මහජන සහායද ඉල්ලා තිබුණි.

අනතුරුව වසරකුත් මාස 5කට පසුව එම පුද්ගලයා මහියංගනය ප්‍රදේශයේ සිටින බවට විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහුව පෙරේදා (1) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ දිනයේදී ඔහු සිය බිරිඳ සමග මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින අතරතුරදී එම ස්ථානයට ඇයද කැටුව ගොස් ඇති බවය.

එමෙන්ම තමන් අදාළ බස් රථයට ගිනි තැබූ බවද ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පිළිගෙන තිබේ. 

අනතුරුව මාධ්‍යවලින් තම රුව සහිත ඡායාරූප පළවීමත් සමග අදාළ සිදුවීම සිදුවූ දිනයේ හැඳසිටි ඇඳුම් සියල්ල ඔහු විසින් විනාශකර ඇති බවත් විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු පවසා තිබේ.

සැකකරු 33න් හැවිරිදි මහියංගනයේ පදිංචිකරුවකු වන අතර ඔහුව අද දිනයේදී ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගදෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පොදු දේපළ පනත යටතේ සැකකරුවට නඩු පැවරනු ලැබීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media