lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මීගලෑවේ අතරමංවූ අලි පැංචා

කුරුණෑගල මීගලෑව වනජීවී කලාපයට අයත් බෝ ගස්වැව ප්‍රදේශයේ දී රංචුවෙන් මගහැරී අතරමං වූ වයස අවුරුදු එකක් එකහමාරක් අතර අලි පැටියෙක් ඊයේ රාත්‍රියේ වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සොයා ගන්නා ලදී 

මෙම අලි පැටවා මව් ඇතින්න ගෙන් වෙන්ව දින දෙක තුනක් ගවයන් රංචුවක් සමඟ රැඳී ඇත කුමක් හෝ කරදරයක් සිදු වී ඇති බව වනජීවී නිලධාරීන් පවසා සිටියේය මේ වන විට අලි පැටවා මීගලෑව වනජීවී නිලධාරීන් භාරයේ පසුවේ 

වැඩිදුර කටයුතු සඳහා අලි පැටවා නිකවැරටිය පසු වෛද්‍ය කණ්ඩායමට බාරදීමට නියමිතය ඉන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත උඩවලව ඇත් අතුරු සෙවණට බාරදීමට නියමිතය

මව් ඇතින්නට කුමක් හෝ කරදරයක් සිදු වී ඇති බව වැඩිදුරටත් වනජීවී නිලධාරීන් පවසා සිටියේය එම හේතුව නිසා මෙම පැටවා මග හැරී ඇති බව පවසා සිටියේය

(ඇහැටුවැව – එච්.ජේ. ජයසිරි

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media