lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මුතුරාජා ගුවන්ගත වෙන්න කටුනායකට එයි

Lakehouse Gayan 1 10

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු “මුතුරාජා” හස්තියා අද උදෑසන තායිලන්තය බලා රැගෙනයාමට නියමිතව තිබෙනවා 

 

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මේ වනවිට හස්තියා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි.

 

පෙරවරු 07.30ට පමණ හස්තියා රැගත් යානය තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

 

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට මෙරටට පැමිණි විශේෂ ගුවන්යානයක් මගින් එම හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යන බවයි.

 

එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වනවා.

 

මෙම ගුවන් ගමන සඳහා සකස්කළ විශේෂිත කූඩුව හුරු කරවීම සඳහා “මුතුරාජා” හස්තියා මාසයක පමණ කාලයක් පුහුණු කළ බව ද තිලක් ප්‍රේමකාන්ත මහතා සදහන් කළා.

 

2001 වසරේදී එම හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබා දීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණා.

 

එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා .

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media