lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මුතුරාජා නැවත තායිලන්තයට ගෙනයාම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

1689099131 Muthu Raja Sak Surin thailand l

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී පසුගියදා අවධානය යොමු වුණා.

මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතව ද යන්න සහ ‍එයට හේතු වු කරුණු පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරියගෙන් කරුණු විමසූ බවයි සඳහන් වන්නේ.

එහි දී අනාවරණය වු ආකාරයට 2001 වර්ෂයේ දී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මඟින් අළුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී තිබෙනවා.

මෙම හස්තියා වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ හීලෑ ඇතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ යටතේ ලියාපදිංචි කර ඇති අතර ඉන්පසුව පෞද්ගලික දේපලක් ලෙස සලකා ඇති බැවින් මෙම කරුණ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැර වී තිබෙනවා.

මෙම ඇතා බලා ගැනීමේ දී සිදු වී ඇති අඩුපාඩු හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය පිරිහී ඇති බවත්, ඒ මත පදනම්ව තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන, සමාජ මාධ්‍ය නැවත ඇතා තායිලන්තයට ගෙන්වා ගන්නා ලෙස එරට රජයෙන් සහ මෙරට සිටින තායිලන්ත තානාපතිගෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත තානාපතිගෙන් ලද ඉල්ලීම්වලට අනුව මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත් වු අතර ඇතා නැවත තායිලන්තයට ගෙන යනතුරු මුලික ප්‍රතිකාර කටයුතු ලෙස ඇතාගේ කකුල්වල පිටුපස තිබු තුවාලවලට ප්‍රතිකාර කර 90% වඩා සුව කරන ලදී.

කාරක සභාවේ සභාපති පවසා සිටියේ අලි ඇතුන් බැලීමට විදේශවල සිට සංචාරකයින් පවා පැමිණෙන, අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතා බලා ගැනීමට අපහසු වීම ගැටලුවක් වී තිබෙනවා.

බලධාරීන් පවසන්නේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය නිසි ලෙස ලබාගෙන ඒ සඳහා පහසුකම් සැලසීමට හැකියාව තිබුණ ද, තායිලන්ත රජයේ සහ එරට වැසියන්ගේ දැඩි බලපෑම මත ඇතා නැවත තායිලන්තයට ගෙන යාමට සිදු වු බවයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media