lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මුන්නේෂ්වරම මහා බද්‍රකාලි ‌කෝවිල

පුත්තලම වැඩි බහුතරයක් දමිල වැසියන් වෙසෙන දිස්ත්‍රික්කයකි. බොහොමයක් දෙමළ ගම්මාන පැරණි චාරිත්‍ර වාරිත්‍ර රැක ගන්නා ගමන් තම ස්වකීය පෞද්ගලිකත්වය නැති නොකර ආගමික ලක්ෂණද පවත්වාගෙන යන අතර නා නා විධ  කාලවලදී මෙම දිස්ත්‍රික්කය විවිධ හිරිහැරවලට හා අවහිරවලට මුහුණ දුන්නත් සමහර ගම් බහුතර ජනයාගේ සංස්කෘතියට හැඩගැසී තිබේ. 

මේ සියල්ලම ශක්තිමත්ව මුහුණ දෙමින් පුද්ගලික ජීවිතය නැති නොකරගෙන සංස්කෘතික ගති පැවතුම් හා හින්දු ආගමික ලක්ෂණ හැඩ කරන පුණ්‍ය තෝතැන්නක් වශයෙන් මුන්නේෂ්වරම් ග්‍රාමය හැඳින්විය හැක.  

මුන්නේෂ්වරම් දේවාල භූමිය රාමායනය, මහා භාරතය වැනි ඉතිහාස කෘතීන්වලට විස්තර කර තිබෙන බව ‌ෙ‌එතිහාසික තොරතුරුවලින් පැවසේ. රාවණ රජු ලංකාවේ සිටි අවධියේ මුන්නේෂ්වරම් සිද්ධස්ථානයට පැමිණි විට කාලි අලෝක ධාරාව මතුවූ බවත් ඔහු වහා ‌එම ස්ථනයේ කටුමැටි පැලක් තනා වැදුම් පිදුම් කළ බවත් ඉතිහාස තොරතුරුවලින් කියවේ. 

මෙසේ මෙම පුණ්‍ය භූමියේ කාලි මාතාව වැඩ විසීම වාසනාවකි. 

කාලි රුව ගෝර ස්වරූපය පිලිබිඹු කරන අතර කාලි ජීවත් වන්නේ කැලෑවේය.  මේ නිසා කැලෑ රකින්නී යනුවෙන් අමතති. 

අප වඳිනා අපව රකිනා කාලි දේවියට නම් ගණනාවක් තිබේ. අංකාලි, රමණීය කාලි, රාජකාලී, කැලෑ කාලි, භද්‍රකාලී, මහාකාලි, සත් මුහුණු කාලි, ඊරදදු කාලීජී, ස්වර්ණ කාලී, ඉලංකාලී, කරං කාලී, කාලි කම්බාලි ආදී නම් වේ. 

සටහන – සරත් චන්ද්‍රරත්න

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media