lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

inflation

මෙරට ආර්ථික අර්බුදය තවත් දරුණු අතට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මස සියයට 58.9ක් වූ උද්ධමනය ජූලි මස සියයට 66.7 ක් දක්වා වැඩි වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙනවා.

ඉහළ යන උද්ධමනය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට තව තවත් බලපෑම් එල්ල විය හැකි බවද එම වාර්තාවේ දැක්වෙනවා.
 
දැනටමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන්.
 
 ගැටලුවට ඉක්මන් මැදිහත්වීමක් සිදු නොවූහොත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ගණන තව තවත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙනවා.
 
ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි පවුල්වල ආහාර සුරක්ෂිතතාව,පෝෂණය,ජීවනෝපාය සහ ණය පිළිබඳ දුරකථන මාර්ගයෙන් අඛණ්ඩව සමීක්ෂණ සිදුකරන බවයි. 
 
එමෙන්ම ජූලි මස සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට අවශ්‍ය ඇමෙරිකා එකසත් ජනපද ඩොලර් මිලියන 63 ක මුදලින් සියයට 34 ක ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබී තිබෙන බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන එම වාර්තාව මගින් පෙන්වා වැඩිදුරටත්දු පෙන්වාදී තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media