lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට ජපානයේ අඛණ්ඩ සහය

download 4 2

පසුගිය 13 වනදා ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බව ජපානය ප්‍රකාශ කළා.

මෙරට ජපාන තානාපති කාර්යාලය මේ බව සදහන් කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එහි දැක්වෙන්නේ ඉන්දියාව, සහ චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට පැමිණීමට හැකිවීම ශ්‍රී ලංකාවට වැදගත් සාධකයක් වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි විස්තීරණ ණය පහසුකම ලබාදීමට නම් ජපානය, ඉන්දියාව සහ චීනය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සහය දැක්විය යුතු බවට වන කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණා.

ඒ සදහා සහය පලකරන බවට මුලින්ම සදහන් කළේ ඉන්දීය රජයයි.

අනතුරුව චීනයද ඒ සදහා සහය පලකරන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජපානය එහිදී මධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් පසුව ඔවුන්ද ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට එකඟත්වය පලකිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව ජපානය විසින් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සහය දක්වන බවට සනාත කළ දෙවන අවස්ථාව මෙයයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media