lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක්

4adf58fb300074ff8a293c2e3ed27c3f XL

මෙරට දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීපව්‍යාප්තව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසනවා.

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

“ස්ථාවර රටකට සැවොම එක් මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩී.බී
හේරත් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media