lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මෙරට පළමු කෘත්‍රිම වෙරළ තීරය විවෘත කෙරේ

werala 768x406 1

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ මෙරට පළමු කෘත්‍රිම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා.

 

ඒ අනුව අද සිට මෙම කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද නොමිලේ අවස්ථාව හිමිවන බව සඳහන්.

 

පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඇති ඇවිදින මංතීරුව ආසන්නයේයි මෙම කෘත්‍රිම වෙරළ තීරය නිර්මාණය කර ඇත්තේ.

 

මේ තුළින් මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරගත හැකි අතර මෙම කෘත්‍රිම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබෙනවා

 

එමෙන්ම මෙම කෘත්‍රිම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා සිදුකර විනෝද වීමට අවස්ථාව හිමි වනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media