lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මොරොක්කෝවේ භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි

1694255866 cctv L

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 1037ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින අතර තුවාලකරුවන් 600ක් පමණ වාර්තා වී ඇති බවය.

එරට වේලාවෙන් ‌පෙරේදා (8) රාත්‍රී 11ට පමණ රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් මෙලෙස බලපෑම් එල්ලවී තිබුණි.

එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5 ක ගැඹුරිනි.

ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටය.

එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද ඉන් හානි සිදුවී තිබේ.

භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.

මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බව සඳහන් වෙයි.

එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනය වීමද විශේෂත්වයකි.


Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media