lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යකඩ පොල්ලකින් ගසා පුද්ගලයෙකු මැරුවාට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්

16 1

(සූරියවැව නුවන් ජයසේකර)

පුද්ගලික ආරවුලක් හේතුවෙන් කතරගම නාගහවීදියේදී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරදකට වරද කරු වු පුද්ගලයෙකුට වසර 14ක
බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 10,000ක දඩයක් හා රුපියල් ලක්ෂ 02ක වන්දියක් හම්බන්තොට මහාධිකරණය නියම කෙරුණි.

මෙලෙස සිර දඩුවම් දඩ හා වන්දි නියම වුයේ කතරගම නාගහවිදිය පදිංචි කහදගමගේ විජේපාල නැමති 59 හැවිරිදි දෙදරු පියෙකි.

චුදිත මරණකරු සමග පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් 1995.06.20 දින මරණ කරු මලගෙදරකට සහභාගී විමට පාපැදියකින් ගමන් කරමින් සිටියදී චුදිත කතරගම නාගහවිදියේදී මාර්ගයක සැගවි සිට යකඩ පොල්ලකින් පහරදි පළාගොස් තිබේ. 

චුදිත විසින් සිදුකල පහරදිම හේතුවෙන් කතරගම නාගහවිදියේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වු අබේසිරි මුදියන්සේලාගේ සුනිල් නැමති අය මෙලෙස මරණයට පත්ව තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චුදිත කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව 2006.03.17 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදි.ඒ අනුව පැවති
දීර්ඝ නඩු විභාගයකින් පසු චුදිත සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට වරදකරු බවට ඔප්පු වීය.ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි.

අදාල චෝදනාව සදහා චුදිතට වසර 14ක බරපතළ වැඩ සහිත දඩුවමක් නියම කෙරුණි.ඊට අමතරව රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණූ අතර දඩ නොගෙවන්නේ නම් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.ඊට අමතරව අගතියටපත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසටද චුදිතට නියම කෙරුණි අතර චුදිත වන්දි නොගෙවන්නේ
නම් ඉහත. දඩුවම් වලට අමතරව තවත් වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

නීතිපති වරයේ වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ දේවසුරේද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.  

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media