lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යාය වසන භූතයා

image c7e2bc8a61 1

යන්ත්‍රානුසාරයෙන් ගොයම් කපන යන්ත්‍රය ගොවියන් විසින් හඳුන්වන්නේ භූතයා නමින්. භූතයා විසින් ගොවියන්ට පණිවිඩයක් ලබා දෙනවා අද මම යායට ඇතුළු වෙනවා කියලා.  ගොවියෝ මොන වැඩ තිබුණත් භූතයාගේ පණිවිඩයට එකඟවී යායට පැමිණෙනවා. ඒ් පැමිණෙන විට ගොවියන් ගෝනි ටික පමණයි අරගෙන ඒන්නේ. පැය කීපයකින් ගොවියාගේ නිවසටම වී මලු ටික ගොඩ ගහලා දෙන්න ගොවියා, භූතයා සමත් වෙනවා. 

මීට අවුරුදු දහයකට පහළොවකට ඉහත ගොවියන් ගොයම් කපා ගත්තේ දෑකැත්තෙන්. පවුලේ සියලු දෙනාත් කයියට අඬගහගහගත් අයත් එක්ක එක පෙළට හිඳ ගොයම් කපන්න ගොවියන් පුරුදුව සිටියා. මුළු යායෙම මිනිස්සු පිරිලා. තේ ටික, බත් ටික බෙදා හදාගෙන වෙළ මැදදීම කන්නට බොන්නට පුරුදුව සිටියා.  වටමලුවලින් මුළු යායම පිරිලා තිබුණා. යාය නිසා ගම්මානය ලස්සනට දකින්න පුලුවන් වුණා වගේම මිනිස්සු අතරේ සමගිය වර්ධනය වුණා. ගොවිතැන් වැඩ කරන අතරේම නියර උඩට වී විවේකීව හිඳ කතා බහක හිටියා. 

ගොයම් මිටි බැඳගෙන කමතට ගෙනාවා. දෙවියන්ට පුද සත්කාර කර හරකුන් ලබා ගොයම් පාගා වී ඇට වෙන්කර ගැනීමට ගොවියන් පුරුදුව සිටියා.  මෙම ක්‍රියාවලිය හරහා ගමෙන් ගමට සහජීවනය වර්ධනය වුණා. නඟුල, පෝරුව, හරකා බාන, වියගහ, අමුතුබාන, දෑකැත්ත, දැත්ත, කුල්ල, යන ගොවි භාණ්ඩ නිවසින් බැහැර වී පුරාවස්තුවක් බවට පත්වී ඇති අතර අනාගත පරපුරට කියවීම් පොතකින් වත් සොයාගන්නත් නොහැකි වී තිබීම කනගාටුවකි.  අද ඒ් වෙනුවට භූතයා යායට පැන ගොවීයාගේ සියලු කටයුතු ලේසියෙන් කර දීමට සමත්ව සිටිනවා. මේ ‌මොහොත වන විට භූතයාගෙන් කපන ගොයම් වේලන්න වෙලා තියෙනවා. සෑම ගොවි නිවසකම වත්තේ පිටියේ පාර තොටේ වී වේලමින් ගොවියන් දුෂ්කර ගමනක් යන්නා වෙලා තියෙනවා. පැරණි ක්‍රමයට වඩා භූතයාගේ ක්‍රියාවලියේදී බොල් වී ඉවත් කර ගැනීමේදි පැරණි ක්‍රමයට වඩා අවාසි සහගත තත්ත්වයක් තිබෙන බවට ගොවියන් අදහස් දක්වනවා. 

කාර්මිකකරණය  මිනිසාට උදව් කළත් සොබා දහමෙන් නිර්මාණය වූ මිනිසා සොබාදහමෙන් ලැබෙන සුවදායක ජීවිතය කාර්මිකකරණයෙන් ලබා ගැනීමට නොහැකි බව අද වන විට සනාථ වී හමාරය. 

(සරත්චන්ද්‍ර රත්මල්ල)

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media