lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

image 1516629423 acccf2b34b

යෝජිත නව විදුලිබල පනත එළඹෙන සදුදා දින (20) කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ නිළධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම, කැබිනට් මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පත, තාක්ෂණික අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාකච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එමෙන්ම නව පනතේ යෝජනා කරන සැකසුම් රාමුව පිළිබඳව මෙන්ම විදුලිබල ක්ෂෙත්‍රයේ ආයෝජන අවස්ථා වේගවත් කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නීති සකස් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media