lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රටට පදක්කම් ගෙනා ක්‍රීඩක දෙපලට ගම්වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්

පසුගියදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 55 බර පංතියේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිලගත් එච්.එම්.එස්.එම්.  දිසානායක ක්‍රීඩකයාට සහ 120 බර පංතියේ තරග කර ලෝකඩ පදක්කමක් දිලාගත් ටී.එම්.එන්.එස්. දිසානායක ක්‍රීඩකයන් දෙපළ පිළිගැනීමේ රථ පෙරහැරක් සහ උත්සවයක් ඊයේ (20) ගල්ගමුවේදී පැවැත්වුණා.

කිලෝමීටර් 3ක් පමණ රථ ‌පෙරහැරකින් පැමිණ පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ ගල්ගමුව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටදීයි.

මෙම අවස්ථාවට ගල්ගමුව ප්‍රදේශීය ලේකම්, ප්‍රදේශිය සභාවේ ලේකම්, යූ. බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පතිතුමන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. 

(ඇහැටුවැව එච්.ජේ. ජයසිරි)

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media