lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රට තුළ මත් උවදුර මුලිනුපුටා දැමීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

thumbnail SOC Alleviating the Impact of the Economic Crisis 20230622 3

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා.

ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(01) පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව නීතීඥ සිසිර ජයකොඩි, සීතා අරඹේපොල, බුද්ධික පතිරණ, ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙනිපිටිය, අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, තවරාජා කලෙයි අරසන්, මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරිමට පත් කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media