lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

රන් පදක්කම් 42ක් සමගින් ඔස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ.

2500

22වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හරි අඩක් මේවන විට ගෙවී ගොස් අවසන්.

ගෙවී ගිය 5 වැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාමත් කාර්යය බහුල දිනයක් වුණා.

එහිදී කිලෝග්‍රෑම් 57 බර පංතිය යටතේ කාන්තා බොක්සිං ඉසව්වට එක්වූ සංජිවනි කුරේ අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.ඒ ඇයගේ ප්‍රතිවාදී පාකිස්තානු ක්‍රීඩිකාව ලකුණු 5-0ක් ලෙස පරාජය කරමින්.

කිලෝග්‍රෑම් 51 – 54 බර පංතියෙන් තරග බිමට පිවිසි රුක්මාල් ප්‍රසන්නද අර්ධ අවසන් පූර්ව තරග වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.ඔහු හමුවේ ලකුණු 3ට 2ක් ලෙස පරාජය වුයේ කෙන්යානු ක්‍රීඩකයෙක්.

මේ අතර ජුඩෝ තරග ඉසව්වෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් රඳවා ගන්නට චාමර නුවන් ධර්මවර්ධනට හැකියාව ලැබුණා.ඒ කිලෝග්‍රෑම් 73 බර පංතිය යටතේ 16 දෙනාගේ වටයේ තරගයේදී ලකුණු 10ට 0ක් ලෙස බොට්ස්වාන ක්‍රීඩකයා පරාජය කිරීමත් සමගයි.

ඒ අනුව චාමරත් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර යුපුන් අබේකෝන් සහභාගිවන අවසන් පූර්ව වටයේ තුන්වැනි තරගය මෙරට වේලාවේන් අද රාත්‍රී 11යි 56ට ආරම්භවීමට නියමිතයි.මීටර් 100 ඉසව්වේ අවසන් මහා තරගය ද හෙට අලු‍යම 2.00ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පිරිමි මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ අද පස්වරුවේ මුලික වටයේ තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය මලල ක්‍රීඩා උළෙලේ දින 5 ක් අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබී තිබෙනවා.ඒ රන් පදක්කම් 42කට හිමිකම් කියමින්.

රන් 31ක දිනා සිටින සත්කාරක එංගලන්තය දෙවැනි ස්ථානයත් රන් 13ක් දිනා ගෙන සිටින නවසීලන්තය තුන්වැනි ස්ථානයේත් පසුවනවා. දිනා ගත් එකම ලෝකඩ පදක්කම සමඟින් ශ්‍රී ලංකාව පසුවන්නේ මෙහි 26 වන ස්ථානයයෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media