lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රනිල් වික්‍රමසිංහ මහතාට නියත වශයෙන්ම රට ගොඩ නැගිය හැකියි

06 India 01

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නියතවශයෙන්ම  රට ගොඩනැඟිය හැකිබව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා.

 සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු යන කියමන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අද මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වී රටට වෙස්වලාගත් ආශිර්වාදයක් වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.
 
 අද පෙරවරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානය වෙත ගිය  ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් බැහැදැක සුවදුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.
 
 තම නිවස පවා  කොළඹ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කර ඇති මෙරට හෝ වෙනත් කිසිම රටක බිම් අඟලකට හිමිකම් නොකියන පරාර්ථකාමී චරිතයක් වන රනිල් වික්‍රමසිංහ මහතාට සැබෑ උවමනාවක් ඇති බවද සඳහන් කළා.
 
 දේශපාලනය ගැන නොදන්නා ඇතැම් දේශපාලඥයන් දේශපාලඥයන් මෙන්ම ඇතැම් මාධ්‍ය ද කොතරම් අපහාස උපහාස කලත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටි ජනාධිපති තුමා  රට කිසිදා නොවූ විරූ අපහසුතාවකට පත්වූ අවස්ථාවේ ඉදිරිපත් වී පිහිට වූ බව උන්වහන්සේ සිහිපත් කළා.
 අපට රටක් තිබුණද රටේ නීතියක් නොතිබූ බව සිහිපත් කළ උන්වහන්සේ නීතිය යළි ස්ථාපිත කිරීමට ගත් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළා.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media