lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රාජ්‍ය අමාත්‍යවරු 36ක්‌ හෙට දිවුරුම් දෙති

state ministers

රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.

මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙක්‌ බව සදහන්.
 
අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
 
රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහකට සීමා කිරීමට කලින් තීරණය කර තිබුණ ද එම ගණන 36 දක්වා වැඩි කිරීමට සිදුවී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
 
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතයි.
 
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.
 
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවයට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media