lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රුසියාවේ ලූනා සඳ මතට කඩා වැටෙයි

1692524773 russia L

1976 වසරේ පසු එනම් වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ.

සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය.

යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වූ බව රුසියාව මීට පෙර ප්‍රකාශ කළේය.

රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ, යානය සමඟ පැවති සබඳතා බිඳ වැටුණු බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media