lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රු 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද (30) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු වෘත්තීයන් ගණනාවක් ඊට සම්බන්ධ වී සිටියා.

ඊට සමගාමීව සංවිධාන කළ විරෝධතාවක් අද දහවල් පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද පැවැත්වුණා.

මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී උද්ඝෝෂකයින් සඳහන් කළා.

මේ අතර දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට (31) යන දෙදින තුළ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්යක නිරත වීමට තීරණය කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media