lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රෝහිත රාජපක්ෂගේ හෝටලයට ගිනි තැබූ 4ක්‌ අත්අඩංගුවට

rohita

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි සිංහරාජ වනාන්තරයට මායිම්ව  කොලොන්න ප්‍රදේශයේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු අතර,එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර , එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
 
එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කොලොන්න පොලිසිය සදහන් කළා.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසනවා.
 
කෙසේ වෙතත් මෙම ගිනි තැබීමෙන් අනතුරුව අදාළ හෝටලය යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවට වාර්තා පළවූ අතර ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කරනු ලැබූ නමුත් එය තම සහෝදරයට අයත් බව සදහන් කර තිබුනේද නැහැ.
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media