lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

ලංකා ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය දෙහිවලදී විවෘත කෙරේ

ලංකා ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය දෙහිවලදී විවෘත කෙරේ

ලංකා ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය අද පෙරවරුවේ දෙහිවලදී  විවෘත කෙරුණා.

ඒ එම පක්ෂයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරත්න, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පුජ්‍ය ඇල්ලේ ගුණවංස යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
පක්ෂ මහ ලේකම් ශාලිත පෙරේරා, පක්ෂයේ විධායක කමිටු සාමාජිකයින්, ආසන සංවිධායක වරුන් ඇතුළු  ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
එහිදී අදහස් දක්වමින් අක්මීමන දයාරත්න හිමියන් කියා සිටියේ අරගලයෙන් අපේක්ෂිත ප්‍රතිපල අත් නොවූ බවයි.
 
අවසානයේදී අරගල භුමිය හොරුන්ගේ, කුඩුකාරයින්ගේ නවාතැන් පොළක් බවට පත්වූ බවද උන්වහන්සේ කියා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිටුපසින් සිට අහිංසක තරුණයන් උසිගැන්වූ බවත් එම තරුණයන්ට නීතිය ක්‍රියාත්මක වනවිට ඒ  වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් නොවන බවද අක්මීමන දයාරත්න හිමියන් සදහන් කළා.
 
ශ්‍රී ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට නම් යැපුම් මානසිකත්වයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යතු අතර ඒ වෙනුවෙන් ලංකා ජනතා පක්ෂය ක්‍රියා කරන බවද වැඩිදුරත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියා.
IMG 20220814 WA0017
IMG 20220814 WA0012
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media