lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලූනා 25 සඳේ කක්ෂයට ඇතුළු වෙයි

118378439 e2d82458 af41 4d0c bec8 99a59031fd4f

පසුගිය සිකුරාදා රුසියාවේ වොස්ටෝච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කෙරුණු ලූනා 25 යානය සඳේ කක්ෂයට ඇතුළු වී තිබේ.

1976 වසරෙන් පසු සඳේ කක්ෂයට ඇතුළු වූ පළමු රුසියානු යානය මෙය බව වාර්තා වෙයි.

රුසියාව මෙලෙස සඳ ගමනක යෙදී සිටින්නේ, ඉන්දියාව ද චන්ද්‍රයාන් 3 සඳ තරණ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ළඟා වෙමින් සිටින පසුබිමකය.

ලූනා 25 යානය සඳේ කක්ෂයට ඇතුළු වීමට දින කිහිපයකට පෙර, චන්ද්‍රයානය සඳේ කක්ෂයට ඇතුළු වුව ද එය සඳ මත ගොඩ බෑමට නියමිත ව ඇත්තේ, අගෝස්තු 23 හෝ 24 වනදායි.

ලූනා 25 යානය එළැඹෙන 21 වන සඳුදා සඳේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බෑමට නියමිතව තිබේ.

ඒ අනුව, එය සාර්ථක වුවහොත් සඳේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යාවකාශ යානයක් ගොඩ බැස්වූ පළමු රට බවට ඉන්දියාව නොව රුසියාව පත් වනු ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media