lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලෝක ළමා දිනය අදයි

1696126968 child L 1

ලෝක ළමා දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.

 

සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.

 

ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

 

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ, ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

 

මේ අතර, දරුවන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

 

එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, දරුවන් හිංසනයට සහ කෘරත්වයට ලක්වීම පාලනය කිරීම සඳහා නව නීති හදුන්වාදීමට කටයුතු කර ඇති බවයි.

 

මේ අතර, ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දිනය තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන නොමිලේ නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

 

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා සඳහන් කළේ, දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වයස අවුරුදු 12ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වන බවයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media