lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වන අලි ගම්වදින්නේ ඇයි?

උන්ගේ ගම්බිම් තලා පොඩිකර හපකර අඹ උයන්, සඳුන් උයන්. බැලූ බැලූ හැම තැනම අලි වැටවල්. දිවා රෑ ගිගුම් දෙන අලි වෙඩි. අලි ගමන් ගන්නා මාර්ග ධන කුවේරයන් විසින් හරස් කර ගහන අලි වැට. අලින්ට තම පැටවුන් සමඟ යන එන මං නැත. වටකර පහර දෙති. අලි තම පැටවුන් සමග නොකා නොබී හාමතේ මිය යති.  වෙඩි කා මැරෙති.  හක්කපටස් කා මැරෙති.  විදුලි සැර වැදී මිය යති. අලි අපරාධකරුවෝ නගරයේ සිට ගමට ගොස් සල්ලි විසිකර ගොවි බිම් අලි බිම් අල්ලති. වගා නොකරන බිම් රජයට පවරාගන්නාබවට අඬබෙර තලති.  අලින්ට මෛත්‍රීය, කරුණාව දැක්වූ බෞද්ධ ගම්මාන අඳුරු කලු වළා පටවලින් වසාගන්නා බවත් පෙනේ. 

ගල්ගමුව අඹන්පොල, නාන්නේරිය, ඇහැටුවැව, මීගලෑව අවට ගම්මාන අලි – මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවට අලි වැටවල් සාක්ෂි දරයි. අලි ජීවත් වූ වන පෙත් එලි පෙහෙලි කර සඳුන්, අඹ වැනි දේ වගා කිරීම නිසා අලින්ට කන්න දෙයක් නැතිව ගමට පැමිණෙන අලි ගොවීන්ගේ වගා බිම් පාලු කරන බවත් ගොවියෝ පවසති. තවත් සමහරෙක් පවසන්නේ ගොවීන්ගේ සින්නක්කර ඉඩම් නගරයේ සිට පැමිණි සල්ලිකාර මුදලාලිලා මිලදී ගෙන සඳුන්, අඹ, වගා කරන බැවින් අලින්ට ලොකු අසාධාරණයක් වූ බවත්, තවත් සමහරෙක් කියන්නේ වගා නොකරන ඉඩම් රජයට පවරා ගන්නට උත්සාහගත් නිසා තම ඉඩම් විකුණා දැමූ බවකි. 

කෙසේ නමුත් සතා සිව්පාවුන්ටද අපට සේම නිදහසේ ජීවත් වීමේ අයිතිය ලැබිය යුතුය.  උන් කපා කොටා, වෙඩි තබා, හක්කපටස් තබා, අධිබලැති විදුලි රැහැන් යොදා අමානුෂිකව මරා දමනවානම් අපේ මිනිස්කමෙන් ඇති පලය කුමක්ද?.  පුදුමයට කරුණ නම් ඒ් අවට පන්සලක්ද මෙම අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වී තිබීමය.  කොළඹ සිට ගමට ගිහින් අහිංසක සතුන් මරා, කා බී බාල් නටමින් සල්ලි විසිකරමින් ගම ඇතුළේ වගා කරන්න පටන් අරන් තව නොබෝ දිනකින් අලි සම්පත අපේ රටින් සදහටම සමුගනීවි.

2023 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් අලින් 22ක ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරින් හක්කපටස්වලින් අලි 4 දෙනෙක්ද, දුම්රියේ ගැටී අලි 6 දෙනෙක්ද, වෙඩි තබා අලි 4 දෙනෙක්ද, විදුලි සැර වැදී අලි දෙදෙනෙක්ද මරණයට පත්ව ඇති බව කුරුණෑගල වනජීවි කාර්යාල මගින් අනාවරණය විය. 

සටහන – සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media