lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වල් අලි රංචුවක් හේතුවෙන් අතරගල්ල විදුහල තාවකාලිකව වසා දැමේ

110477019 dsc 1128

වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කර තිබෙනවා.

අලි පස්දෙනකු සහ පැටවු තිදෙනකු පාසලට යාබද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්කැ කාර්යාලයට අයත් කැලෑ  භූමිය තුළ සැඟවී සිටින බව මව්පියන් දැක ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇති බව සදහන්.

ඒ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා විසින් මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මිය දැනුවත් කිරීමෙන් අනතුරුව පාසල වසා දැමීමට තීරණය කර තිබෙනවා.
 
මෙම සතියේ ඉදිරි දින දෙක ද පාසල වසා පාසලේ දරුවන් හා ගුරු මහත්ම මහත්මීන් අවට වෙනත් පාසල් වෙත අනුයුක්ත කර තිබෙනවා.
 
මේ අතර ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන් නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්‍රදේශවාසිහු පවසනවා.
 
අලි ඇතුන් 100ක් පමණ පාළුකඩවල වැවට දිය බීමට සවස පහ – හය පමණ විට පැමිණෙන බව වාර්තා වනවා .
 
අලි ඇතුන් වැව් දියට බැසිමෙන් පසු නරඹන්නන් සිය යාන වාහන රැගෙන වැව්පිටියට යන බවත් , ඇතැම් පිරිස් වැවෙන් ගොඩට පැමිණ කැලයට යන ඒ සතුන්ගේ මඟ අහුරන බවත් ,ඇතැමුන් සිය රථ සතුන් අසළට ම රැගෙන ගොස් සතුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන බවටත් ජනතාව චෝදනා කළා.
 
අලි ඇතුන් අසළට යාම ජීවිත අවදානමක් ඇති කරුණක් බවත් ,සතුන් ප්‍රචණ්ඩ වීමටත් හේතුවක් බවත් ජනතාව පවසන අතර එය සතුන්ට හිංසනයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා. 
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media