lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තරේ විරෝධතාවක

IMG 20221004 WA0001
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කරන ලෙස බල කෙරෙන විරෝධතා පාගමනක් මේ වෙනවිට පැවැත්වෙනවා.
 
කැළණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ පා ගමන කිරිබත්ගොඩ නගරය දෙසට ගමන් කරන බවයි lankafreenews වාර්තාකරු සඳහන් කළේ.
 
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය වුර්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙනවා.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන පනත් හකුළා ගන්නා ලෙස සටන් පාඨ කියමින් ඉදිරියට ඇදෙන විරෝධතාකරුවන් කිරිබත්ගොඩ නගරය දෙසට ගමන් කිරීම වැළැක්වීම සඳහා පොලීසිය මාර්ග බාධක යොදා ඇති යොදා ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.
 
මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media