lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වසර 30ක් පොල්ලී පැලීම ජීවන වෘත්තිය කරගත් සිරිල් සහ රාජා

සිරිල් සහ රාජා අවුරුදු තිහක් පොල්ලී පැලීම ජීවන වෘත්තිය කරගත් දෙදෙනෙකි.  රාජාට දරුවන් තුන්දෙනෙක් සිටිති.  ඔවුන් ජීවත් කරවීම උදෙසා රාජා අපමණ දුක් ගැහැට විඳිති.  ඔවුන් පොල් කඳන් දෙබෑ කරන විට දුක් වේදනාවේ කඳුලු කැට නෙතගින් රූරා පොල් කඳන් මතට වැටෙති.  ඒ් වේදනාව කාටත් නොදැනී උදේ පටන් හවස් වන තෙක් වැඩ කරන මොවුන් හාල් ටිකයි තුන පහ ටිකයි අරන් වෑයයි, පොරෝවයි කරේ තියන් තමන්ගේ පැල්පතට ගොඩවදිති.  අවුරුදු තිහක් පුරාවටම මොවුන්ගේ ජීවන රටාව මෙලෙසින් ගලාගෙන යනවා. දුකින්ම ඉපදී දුකින්ම මැරිලා කාලය විසින්ම සමහර විට දරුවන්ට මෙම රස්සාව උරුම වෙනවා. 

සිරිල්ට උපතින්ම කතාකරන්න බැහැ.  ඔහු ගොලුයි. උරුම වුණේ පොල්ලී පලන රස්සාවය.  සිරිල් විවාහකයි.  දරුවන් එක්කෙනක් ඉන්නවා බැදලා. බිරිඳ බස් එකකට යටවෙලා මැරිලා. මෙන තරම් අවාසනවාවන්තද. සිරිල්ගේ අම්මට වයස අවුරුදු අසූවයි.  අම්මයි දරුවොයි ජීවත් කරවන සිරිල් වැස්සේ  තෙමි තෙමී අව්වේ වේලි වේලි පොල් කඳන් ඒක්ක හැප්පෙති.  සිරිල්ට තිබුණ සමෘද්ධියත් කපලා. දුක් විදින අහිංසක මිනිසුන් අවසානයේ දුක් විදලාම මැරිලා යනවා. මේ ලෝකයේ උපදින්න වාසනාව තිබුණත් සැප විඳින්න වාසනාවක් නැහැ. දුක් විඳලාම මැරිලා යනවා. 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media