lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වැටලීමකට ගොස් අතුරුදන්වූ කොස්තාපල්ගේ මළසිරුර හමුවෙයි

mi2p3td8 death

වැටලීමකට ගොස් සිටියදී අතුරුදන්වූ පොලිස් නිලධාරියෙකුගේ මළසිරුර කිළිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැවක තිබී සොයාගෙන තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරන ස්ථානයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ඊයේ (14) කිළිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල වැටලීමක් සඳහා මෙම පොලිස් කොස්තාපල්වරයා ගොස් තිබුණා.

අනතුරුව අදාළ ස්ථානයේ සිටි සැකකරුවන් වැටලීම සිදු කරන අවස්ථාවේ දී ඇළට පැන පිහිනාගොස් තිබූ අතර එහිදී ක්‍රියාත්මකවු පොලිස් කොස්තාපල්වරයෙක් ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අතුරුදහන් වී තිබුණා.

ඊයේ සවස් වනතුරුත් කොස්තාපල්වරයා සොයා ගැනීමට නොහැකි වූ අතර, අද දිනයේ ඔහුගේ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි කිළිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media