lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

විදුලි හේතුව සොයා අභ්‍යන්තර පරීක්ෂණයක්

power cut

දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන්.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබුණා.

ලංකා විදුලි බල මණ්ඩලය පවසයි මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බවයි. 

ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා සඳහන් කළා.

විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් ජල සැපයුමට ද ඊයේ පස්වරුවේ බාධා එල්ල වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

විදුලි සැපයුම විසන්ධි වුවද දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් ක‍ළා.

විදුලිය විසන්ධි වීමත් සමග වික්ටෝරියා, පොල්ගොල්ල, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද සිදු වූ බව මහවැලි අධිකාරිය සඳහන් කළා.

මේ අතර ඊයේ පස්වරුවේ දිවයින පුරා ඇතිවූ විදුලිය බිඳවැටීම ජාත්‍යන්තර මාධ්‍ය රැසක ද අවධානයට ලක්ව තිබුණා.

 

පළමු වරට මෙවැනි විදුලි බිඳවැටීමක් සිදුව තිබුණේ 2016 වර්ෂයේ මාර්තු මාසයේදීයි.

එමෙන්ම 2020 වසරේ අගෝස්තු 17 වන දින ද කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් පැය 06කට අධික කාලයක් විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වී තිබුණා.

ඊට අමතරව 2021 වසරේ දෙසැම්බර් මස 03 වන දින ද කොත්මලේ සහ බියගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටී තිබූ අතර එම සෑම අවස්ථාවකදීම යලිත් මෙවැති විදුලිය බිඳවැටීම් සිදු නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කළේ. 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media