lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වෙදගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන්ට ඔප්පු

වෙදගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන් සඳහා පෞද්ගලිකව එම ඉඩම්වල අයිතිය ලබාදීම සඳහා ඔප්පු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

මෙරට හෙළ වෙදකම ඔසවා තැබීම සඳහාත් පාරම්පරික වෛද්‍යවරුන්ට ඇගයීමක්, ගෞරවයක් ලබාදීම සඳහාත් ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙදගම ආදර්ශ ගම්මානයක් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා බිහි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

එම වෛද්‍යවරු එකම ස්ථානයකට පැමිණ ගමක් ලෙස සෑදී පසුගිය කාලය තුළ මෙරට ජනතාවට විශාල සේවයක් සිදුකළ බව පැවසූ අමාත්‍යවරයා මෙම ඉඩම් වල අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් වෛද්‍යවරු 25 දෙනෙකුට බෙදාදී තිබුණත් ඔවුන්ට නීත්‍යනුකූලව එහි අයිතිය නොතිබූ බවද සඳහන්.

මෙම ඉඩම් අක්කර ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සෞඛ්‍ය ලේකම්වරයා නමට තිබුණු කියා සිටි අමාත්‍යවරයා, නීතිපතිගේ උපදෙස් ලබාගෙන පාරම්පරික වෛද්‍යවරුන්ටම මෙම ඉඩමේ අයිතිය හිමිවන පරිදි දීමනා පත්‍රයක් මගින් අයිතිය තහවුරු කරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද වැඩිදුරටත් සඳහන් කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media