lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

istockphoto 477979784 612x612 1

වෛද්‍ය උපකරණ 43 ක  මිල සියයට 40කින් ඉහළට

වෛද්‍ය උපකරණ වර්ග 43 ක මිල ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් අදාළ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කරනු ලැබුවා.
 
ඒ අනුව හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර, රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සඳහා භාවිත කරන තීරු ඇතුලු රෝග විනිශ්චය සහ සැත්කම් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ රැසක මිල නව ගැසට් පත්‍රය මගින් ඉහළ නංවා තිබෙනවා.
 
සියයට 40 ක පමණ ප්‍රතිශතයකින් මෙම වෛද්‍ය උපකරණ 43 හි මිල ඉහළ නංවා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළද ඇතැම් වෛද්‍ය උපකරණ සියයට සියයකින් පමණ නව ගැසට් පත්‍රයට අනුව මිල ඉහළ යන බවයි ඔසුසැල් හිමියන් පවසන්නේ.
 
පල්ස් ඔක්සිමීටරයක් වෙළඳපොල තුළ රුපියල් 3,000 කට අඩු මිලකට අලෙවි වුවද එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,418 ක් ලෙසයි.
 
මේ වනවිට රුපියල් 2,700 කට අලෙවි වන රුධිර ග්ලූකෝස් මාපකයක් රුපියල් 6,200 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media