lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

sri lanka netball team

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශුරතාවලියේ අවසන් පුර්ව වටයට

ආසියානු දැල්පන්දු ශුරතාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ පිලිපීනය සමග පැවති තරගය 99ට 37 ක්‌ ලෙස ජය ගැනීමත් සමගයි.
 
ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, සිංගප්පුරුව සහ හොංකොං කණ්ඩායම් සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබෙනවා. 
 
තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පැවැති තරගයෙන් 102 ට 14ක්‌ ලෙසින් ඉන්දීය කණ්ඩායම පරාජය කළා.
 
මෙම තරගාවලිය සැප්තැම්බර් 11 සිංගප්පුරුවේදී පැවැත්වෙන අතර ඒ සදහා කණ්ඩායම් 11ක්‌ සහභාගී වී සිටිනවා.
 
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයේදී මැලේසියාව සමග තරග වදිනු ඇති.
 
2023 දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු ශුරතාවලියට  සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසටද මෙම තරගාවලිය ක්‍රියාත්මක වනවා.
 
 
 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media