lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශන යළිත් ඇරඹෙයි

1699114484 dinesh schaffter L

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව සිය වාර්තාව සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

 

එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස මගින් මේ වනවිට නැවත ආරම්භ කර තිබෙනවා.

 

ඒ අනුව නැවත වතාවක් පාර්ශ්ව රැසකින් මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා.

 

මේ අතර ෂාෆටර් මහතාගේ දේහය පිළිබඳ නැවත අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ ජාවත්ත පොදු සුසාන භූමියේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදුකෙරුණා.

 

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මගින් පත්කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව පසුගියදා සිය වාර්තාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදුන්නා.

 

ඒ අනුව අධිකරණය ප්‍රකාශ කළේ ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් හේතුවෙන් සිදුවී ඇති බවයි.

 

පසුව අධිකරණය විමර්ශන නිලධාරීන් වෙත නියෝග කළේ එම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media