lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සරම්ප එන්නත ළමුන්ට ලබාදීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලයි

image 4a40ea4a5f

2019 වසරේ දී සරම්ප රෝගය තුරන් කළ ද නැවතත් සරම්ප රෝගීන් මෙරටින් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මෙලෙස වාර්තා වන රෝගීන් සරම්ප රෝගයට එරෙහි එන්නත් ලබා නොගත් පුද්ගලයින් වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද 2010 වසරෙන් පසු ළමා එන්නත් ලබා ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සමිත ගිනිගේ මහතා පෙන්වාදෙන්නේ.

විද්‍යාත්මක නොවන පදනම් හේතුවෙන් දරුවන්ට එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු නොකිරීම ගැටලුවක් වී ඇති බව සඳහන්.

කඩිනමින් මෙම එන්නත් ලබා නොදීම සිදු නොකළහොත් ඉදිරියේදී ළමුන් තවත් රෝගවලට ගොදුරු වීමට ඉඩකඩ පවතින බැවින් සරම්ප රෝගයට එරෙහි එන්නත ලබාදීමට වැඩිහිටියන් පියවර ගත යුතු බවයි වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ.

වෛරසයක් හේතුවෙන් සරම්ප රෝගය ආසාදනය වන අතර මෙරට මාස 09 සහ අවුරුදු 03 දී සරම්ප එන්නත් ලබා දීම සිදු කරනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media