lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

සාම්පල 24 කින් 20 කම ප්‍රබල බී.ඒ 5 කොවිඩ්  අනු ප්‍රභේදය.

132676 9y1a4847 1

කොවිඩ්  රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී  ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ්  අනු ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන  අංශයේ ප්‍රධානී  මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා  පවසනවා.

බී.ඒ අනු ප්‍රභේදය සහිත රෝගීන් බොහෝ දෙනකු  කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල අය බවද චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පල ජාන  විශ්ලේෂණය කිරීමේ තවත් පරීක්ෂණයක් ලබන 8 වෙනිදා සිදු කරන බව බවයි.

එම පරීක්ෂණය මඟින්ද කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා ගැනීමට අපේක්ෂා කෙරේ.

ලෝකය පුරා මේ දිනවල තදින්ම පැතිරෙන්නේ මේ නව අනු ප්‍රභේදය බවත් මේ ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී යම් අවදානම් තත්වයක් මතු වීමට ඉඩ ඇති බවත්  මහාචාර්යවරයා සදහන් කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here