lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සා.පෙළ 10 වැනි ශ්‍රේණියේදීත්, උ.පෙළ 12 වැනි ශ්‍රේණියේදීත් පැවැත්වීමට නිර්දේශ

1690017771 school h j L

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ. 

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එලෙස නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය. 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව එලෙස නිකුත්වී තිබේ.

එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම වාර්තාව ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

අදාළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කරන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර ඇති බවය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය...

අද කාලගුණය

අද කාලගුණය දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු...

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක් ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර...

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය, ජනාධිපති...

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21...

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි රට ගොඩනගන...

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම...