lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සිවුරක් පැළඳවීමෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට කිසිදු භෞතික හානියක් සිදුව නැහැ - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

23 6566164061f31

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේ සිදුවීමෙන් බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් කඩිනමින් වාර්තාවක් කැඳවූ අතර ඒ අනුව අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් K.D.R නිශාන්ති ජයසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

“විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය..” යනුවෙන් විහාරාධිපති හිමි ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම “තමන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවත් ය” යනුවෙන් විහාරාධිපති හිමි ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැළඳවීම පිළිබඳ කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවයි විහාරාධිපති හිමි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මීට අමතරව මෙය අනවබෝධයෙන් සිදුවූ කටයුත්තක් බව උන්වහන්සේ පිළිගෙන තිබෙනවා.

මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු බවත් එසේ නොවුණහොත් නීති මගින් කටයුතු කරන බවටත් උන්වහන්සේට දැනුම් දී ඇති බව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media