lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කළ පුද්ගලයෙකු ඇහැටුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනේ

Screenshot 20230604 202732 WhatsApp 1

(ඇහැටුවැව එච්. ජේ. ජයසිරි)

පාසැල් දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු ඇහැටුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුබුක්කඩවල මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක්‌.

ඇහැටුවැව පොලිස් වසමට අයත් ගල්ලෑව මංසන්ධියේදී මෙම පැහැර ගැනීම සිදුකර ඇති අතර පොලිසිය පැවසුවේ 15 හැවිරිදි අදාල සිසුවිය බලහත්කාරයෙන් අඹන්පොල ප්‍රදේශයේ නවාතැන්පොළකට රැගෙනගොස් අතවරයට ලක්‌ කළ බවට ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

සැකකරු වින්දිත දැරියගේ ඥාති බාප්පා කෙනෙකු වන අතර ඇය පාසල් යාම සදහා බස් රථයකට ගොඩවීමට මාර්ගය අසල රැඳී සිටියදී කාර් රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම කිසිවෙකුට හෝ පැවසුවොත් තමා ඝාතනය කරන බවට සැකකරු විසින් මරණ තර්ජන කළ බවද සිසුවිය විසින් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

දැරිය ගල්ගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර ඇහැටුවැව පොලිස් ස්ථානාධිපති ආර්එ.එම්. රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media